(ෆාස්ට් නිවුස් | කොළඹ) – ඊයේ (14) පැවති පාකිස්ථාන නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙමින් එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කාශ්මීර ප්‍රාන්තය සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කළ ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනයට ලක්කර තිබුණි.
අදට යෙදී ඇති ඉන්දියාවේ නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දීය පාලනයේ පවතින කාෂ්මීර ප්‍රදේශය සඳහා ලබාදී තිබූ විශේෂ තත්ත්වය ඉවත් කිරීමට තීරණය කරනු ලැබුවේ එම කලාපයට අතීතයේ පැවති කීර්තිය යලි ලබාදීමේ අරමුණින් බව ප්‍රකාශ කර සිටියේය.









