(ෆාස්ට් නිවුස් | කොළඹ) – කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ සීමාසහිත ලංකා පොහොර සමාගමේ හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සැප්තැම්බර් මාසය සඳහා වන පොහොර අවශ්‍යතා සපුරාලීම සඳහා යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඒ යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 30,000ක්, මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 315.80 බැගින් ඇග්‍රිෆර්ට් ලයිවන් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් සහ මියුරේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 20,000ක් මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 343.10 බැගින් ස්විස් සිංගප්පූර් ඕවර්සීස් එන්ටර්ප්‍රයිස් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් සම්පාදනය කරගැනීම වෙනුවෙනි.
මෙහි සම්පූර්ණ වටිනාකම ඩොලර් මිලියන 16.336 බවද වාර්තා වේ.







