FAST NEWS

24×7 Around the Globe

ජනපතිවරණයට ඉදිරිපත් වීමට මම සූදානම් – නාගානන්ද

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හුදෙක් මැතිවරණයක් පමණක් නොව, රටේ සමස්ත ක්‍රමයම වෙනස් කරන මැතිවරණයක් බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරන මැතිවරණය මෙය වනු ඇති බවත් කොඩිතුවක්කු මහතා අවධාරණය කරයි.

රටේ ඉරණම වෙනස් කිරීම සඳහා නව දැක්මකින් යුතුව මෙවර ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වීමට සූදානම් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම ඉදිරි දින 21 තුළ සිය ස්ථාවරය සහ වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කරන බවත්, රට තුළ නීතියේ ආධිපත්‍ය ස්ථාවර කිරීමට තමා කැපවෙන බවත් ඔහු කියා සිටියි.

එසේම , ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා නව පාලනයක් හඳුන්වාදෙන බවත්, එම වැඩපිළිවෙළ ඉදිරියේදී රට හමුවේ තැබීමට තමා සූදානම් බවත් නාගානන්ද කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.