(ෆාස්ට් නිවුස් | කොළඹ) – ඉන්දියාවේ 73වන ජාතික නිදහස් දිනය අද (15) දිනට යෙදී තිබේ.
නවදිල්ලියේ පිහිටි රතු බලකොටුවේදී පැවැත්වෙන ප්‍රධාන සැමරුම් උත්සවය පෙ.ව 7.30 සිට අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
එතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන අඛණ්ඩ හය වන නිදහස් දිනය අද වන අතර එතුමා සිය දෙවන ධුර කාලයේ පළමුවන නිදහස් දින කතාව අද (15) පැවැත්වීමට නියමිතයි .
මෙවර උත්සවය සඳහා පාසැල් දරුවන් වැඩි වශයෙන් සහභාගි කර ගැනීමටත් නියමිතව ඇති බව වාර්තා වේ.
ඉන්දියාව මෙවර නිදහස් දිනය සමරනුයේ ජම්මු කාශ්මීරය මුල්කරගනිමින් පාකිස්ථානය සමග මතබේදය වඩාත් උත්සන්න වී ඇති පසුබිමක වන අතර ඒ වෙනුවෙන් රට පුරා දැඩි ආරක්ෂාවක් යොදා ඇති බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.









