(ෆාස්ට් නිව්ස්|කොළඹ) – ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ලකුණු ලබා ගැනීම පහසු කර්තව්‍යයක් නොවන බැවින් හතරේ පහරවල් අඩුවෙන් ලබාදීම කණ්ඩායමේ සැලැස්ම බව ශ්‍රී ලංකා දඟ පන්දු ක්‍රීඩක අකිල ධනංජය පවසයි.
“අපි හැම තිස්සෙම ගාල්ලේදී බලන්නෙ ලකුණු නවතා ගන්න. මොකද හතරේ පහරවල් අඩුවෙන් දෙන්න තමයි අපි උත්සහ කරන්නෙ. එක දෙක ගියත් හතරේ පහරවල් නවත්තන්න අපි සැලසුම් කරලා තියෙනවා,” යනුවෙන් අකිල සඳහන් කරයි.
හය වැනි ටෙස්ට් තරගයකට සහභාගි වන අකිල ධනංජය සිව්වැනි වරටත් ඉනිමක කඩුලූ 5 ක් සටහන් කර ගැනීමට ඊයේ (14) සමත් විය. වර්ෂාව හේතුවෙන් පළමු දිනය පන්දුවාර 68 කට සීමා වෙද්දී නවසීලන්ත කණ්ඩායම කඩුලූ 5 කට ලකුණු 203 ක් ලබා සිටියේය.
අද (15) දිනයේදී නවසීලන්තයේ ඉතිරි කඩුලූ 5 ද ඉක්මනින් දවා ගත යුතු බවද යොවුන් දඟ පන්දු යවන්නා වැඩිදුරටත් පවසා සිටියේය.









