(ෆාස්ට් නිව්ස්|කොළඹ) – අන්තර්ජාතික කාලගුණ වාර්තාවන්ට අනුව හෙට දිනයේ (14) පැවැත්වීමට නියමිත මංගල ටෙස්ට් ශූරතාවලියේ දෙවන තරග ආරම්භයට වර්ෂාවෙන් බාදා ඇති වීමේ වැඩි ප්රවනතාවයක් ඇති බවට ජාත්‍යන්තර කාලගුණ වාර්තා අනාවැකි පල කර තිබේ.
ඒ අනුව, හෙට දිනය පුරා ගාල්ල ප්‍රදේශයට කඩින් කඩ වැසි ඇති වීමේ අවධානමක් පවති.
මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට මෙන්ම නවසීලන්තයටද වැදගත් වන අතර ඊට තවත් හේතුවක් වන්නේ වත්මන් එක්දින ලෝක අනුශූරයන් ලෙසින් තරග සංචාරයකට නවසීලන්තය සහභාගි වන ප්‍රථම වතාව මෙය වන බැවිනි.
ශ්‍රී ලංකාවට මෙය වැදගත් වන්නේ ටෙස්ට්, එක්දින සහ විස්සයි20 අංශයන් ත්‍රිත්වයෙන්ම ශ්‍රේණිගත කිරීමට අනුව නවසීලන්තය ඉදිරියෙන් සිටින බැවිනි.









