FAST NEWS

24×7 Around the Globe

තිසර වෙනුවෙන් හරින්ගෙන් මැදිහත්වීමක්?

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – කැනඩාවේ පැවැති ග්ලෝබල් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට තිසර පෙරේරා වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) පනවා තිබු තහනම ඉවත් කරගැනීම සඳහා ඔහු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු වෙත ඉල්ලීමක් සිදු කල බවට, ද අයිලන්ඩ් (The Island) පුවත්පත වාර්තා කර තිබේ.

පසුගිය මස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරඟාවලිය හේතුවෙන් ග්ලෝබල් ලීග් විස්සයි20 ක්‍රිකට් තරඟාවලියේ ආරම්භය තිසර හට මඟ හැරුණද, බංග්ලාදේශයේ මෙරට සංචාරය අවසන් වීමත් සමග ඔහු තමන් නියෝජනය කිරීමට නියමිතව තිබු මොන්ට්‍රියල් ටයිගර්ස් (Montreal Tigers) වෙනුවෙන් තරග දෙකක් ක්‍රීඩා කරන ලදි.

ග්ලෝබල් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට තිසර වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පනවා තිබු තහනම ඉවත් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ද අයිලන්ඩ් පුවත්පතේ ක්‍රීඩා කර්තෘ රෙක්ස් ක්ලෙමන්ටයින් සඳහන් කළේ තිසර, ක්‍රීඩා අමාත්‍යවරයා හමුවූ සැනින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණය අවලංගු වූ බවයි.

මුලාශ්‍රය: ද අයිලන්ඩ් (The Island) පුවත්පත