(ෆාස්ට් නිව්ස්|කොළඹ) – ලබන සතියේ පැවැත්වීමට නියමිත එක්දින තරග 3 කින් සහ සිවුදින තරග 2 කින් සමන්විත තරගාවලියට සහභාගි වීම සඳහා ශ්රී ලංකා නැගී එන ක්රිකට් කණ්ඩායම මෙම සිකුරාදා (16) බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.
තරගාවලිය සඳහා සහභාගිවන ශ්රී ලංකා නැගී කණ්ඩායම් සංචිතය ඉදිරියේදී නම් කිරීමට නියමිත බවයි ශ්රී ලංකා ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
තරග කාලසටහන
- අගෝස්තු 18 – පළමු එක්දින තරගය – සවාර්හිදී
- අගෝස්තු 21 – දෙවැනි එක්දින තරගය – සවාර්හිදී
- අගෝස්තු 24 – තෙවැනි එක්දින තරගය – කුල්නාහිදී
- අගෝස්තු 27 සිට 30 දක්වා – පළමු සිවුදින තරගය – කුල්නාහිදී
- සැප්තැම්බර් 3 සිට 6 දක්වා – දෙවැනි සිවුදින තරගය – කොක්ස් බසාර්හිදී








