(ෆාස්ට් නිවුස් | කොළඹ) – ජම්මු – කාශ්මිර ප්රදේශයට ත්රස්ත ප්රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බව ඉන්දීය බුද්ධි අංශ තොරතුරු අනාවරණ කර ඇත.
බුද්ධි අංශ වර්තාවට අනුව පැවසෙන්නේ පාකිස්ථානයේ රාජ්ය බුද්ධි අංශය විසින් දකුණු කාශ්මීරයේ ජයිෂ් ඊ මොහොමඩ් ත්රස්ත සංවිධානයට එම ප්රහාරය දියත් කිරීම සඳහා භාරදී ඇති බවයි.
ජම්මු කාශ්මීර ප්රදේශයට අදාළ ත්රස්ත සංවිධානයට සම්බන්ධ කිහිපදෙනෙකු මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල කිරීම සඳහා දැනටමත් පැමිණ ඇති බව ඉන්දීය බුද්ධි අංශ වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
පුල්වාමා ප්රදේශයට පසුගිය පෙබරවාරි මාසයේ එල්ලවූ ත්රස්ත ප්රහාරයට සමාන ප්රහාරයක් මෙලෙස දියත් කිරීමට නියමිත බවයි ඉන්දීය බුද්ධි අංශය ප්රකාශ කර ඇත්තේ.









