(ෆාස්ට්නිව්ස් |ඉන්දියාව) – ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 147 දක්වා ඉහළ ගොස ති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කර්නාටක,කේරළ සහ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තවලට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල විය.
දින කිහිපයක සිට ඇඳ හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර හා නායයෑම් තත්වයක් හටගෙන ඇති අතර පුද්ගලයින් දහසකට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබේ.
අයහපත් කාලගුණය නිසා ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල සිටින ජනතාව මුදා ගැනිමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වී ති බවද වාර්තා වේ.









