FAST NEWS

24×7 Around the Globe

ලෙකීමා සුළි කුණාටුවෙන් චීනයට බලපෑම්

 

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – නැගෙනහිර චීනයට බලපෑ ලෙකීමා සුළි කුණාටුවෙන් පුද්ගලයන් 32 කු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැයට කිලෝමීටර 187 ක වේගයකින් හමා ආ මෙම සුළි කුණාටුව හේතුවෙන් තවත් 16 දෙනෙකු අතුරුදන් බවත් මිලියනයකට අධික පිරිසක් අවතැන්ව සිටින බවත් එම වාර්තාවේ තවදුරටත් වැඩි සඳහන්.

එරට ගුවන් ගමන් 3200 කට වැඩි සංඛ්‍යාවක් මේ හේතුවෙන් අවලංගු කර ඇති අතර, දුරගමන් දුම්රිය වාර 127 ක්ද අත්හිටුවීමට සිදුවී ඇත.

සුළි කුණාටුවේ බලපෑමෙන් චීනයට සිදුව ඇති ආර්ථික අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 2.35 ක් බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

සැඩ සුළඟ හා ගංවතුරින් ප‍්‍රදේශයේ දේපළ රැසක් මුළුමණින් හෝ අර්ධ වශයෙන් විනාශ වී ඇති අතර ප‍්‍රදේශ රැසක විදුලි හා සන්නිවේදන සබඳතා ඇනහිට තිබේ.

අයහපත් කාලගුණය හේතුවෙන් අවතැන්ව සිටින පුද්ගලයන් වෙනුවෙන් විශේෂ සහන සේවා මෙහෙයුමක් චීන රජය විසින් දියත් කිරීමට කටයුතු කර ඇත.

අතුරුදන්ව සිටින පිරිසක් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.