(ෆාස්ට් නිව්ස්|කොළඹ) – වසර කිහිපයක සිටම ඉන්දීය කි‍්‍රකට් ආයතනයේ පැවැති අර්බුදයක් අවසන් කරමින් එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය (BCCI) ජාතික මත්ද්‍රව්‍ය නාශක විරෝදී නියෝජිතායතනය (NADA) යටතට පැමිණීමට එකඟ වීම ඉතා යහපත් ප්‍රවනතාවයක් බවට මෙරට ක්‍රිකට් විචාරකයින් පවසයි.
ඉන්දීය කි‍්‍රකට් ආයතනයේ මෙම නව එකඟතාවයට අනුව මින් ඉදිරියට එරට කි‍්‍රකට් කී‍්‍රඩකයින් ජාතික මත්ද්‍රව්‍ය නියාමන ආයතනයේ පරීක්ෂාවන්ට ලක් කිරීම සඳහා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විචාරකයින් රැසක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සඳහන් කර සිටියේ ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය එරට ජාතික මත්ද්‍රව්‍ය නාශක විරෝදී නියෝජිතායතනය යටතට පැමිණීමට එකඟ වීම “මහත්වරුන්ගේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගයක් බවයි.”
ලෝක මත්ද්‍රව්‍ය නාශක මර්දන නියෝජිතායතනය සඳහන් කරන පරිදි රට තුළ තරග කරන සියලූම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තම නියෝජිතායතනය විසින් පරීක්ෂාවට ලක් විය යුතුය. එහෙත් එවැනි ගිවිසුමකට එකඟවීම ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය වසර කිහිපයක සිටම ප‍්‍රතික්ෂේප කර තිබිණි. කෙසේ වෙතත්, පසුගියදා ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සහ එරට ජාතික මත්ද්‍රව්‍ය මර්දන ආයතනය අතර පැවැති සාකච්ඡුාවකින් අනතුරුව මෙම තීරණයට දෙපාර්ශවය එකඟවී තිබේ. ඒ අනුව, රටේ වෙනත් කී‍්‍රඩකයින් මෙන් කි‍්‍රකට් කී‍්‍රඩකයින්ද මින් ඉදිරියට මත්ද්‍රව්‍ය නාශක මර්දන නියෝජිතායතනයේ පරීක්ෂාවකට ලක් වනු ඇත.
ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන පී‍්‍රතිව් ෂෝ පසුගිය පෙබරාවාරි මාසයේදී තරගයක් අතරතුර මත් ද්‍රව්‍ය ලබාගත් බවට චෝදනා සනාථ වීමත් සමග ඔහුට මාස 8 ක තරග තහනමකට යටත් වීමට සිදු විය.









