FAST NEWS

24×7 Around the Globe

සෝනියා ගාන්ධි යළි විපක්ෂ පක්ෂ නායකත්වයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ විපක්ෂ දේශපාලන පක්ෂයක් වන කොංග්‍රස් පක්ෂයේ නායකත්වය සෝනියා ගාන්ධිට යළි හිමි වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙලෙස නව නායකයෙකු තෝරා ගැනීමට කොංග්‍රස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස්වූයේ රාහුල් ගාන්ධි පක්ෂ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුවයි.

කෙසේවෙතත් පැය 12 ක රැස්වීමෙන් අනතුරුව කොංග්‍රස් පක්ෂය තීරණය කළේ සෝනියා ගාන්ධිට යළි පක්ෂ නායකත්වය ලබාදීමටයි.

මේ අනුව කොංග්‍රස් පක්ෂ නායකත්වය ගාන්ධි පරපුරෙන් පිටතට යෑම යළි වැළකී තිබේ.