FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් උඩුගුවනට යවයි

(ෆාස්ට්නිව්ස් |උතුරු කොරියාව) – උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් සාර්ථකව අත්හදා බැලු බව විදෙස් වාර්තා පවසයි.

පසුගිය සති කිහිපය තුළ උතුරු කොරියාව මිසයිල අත්හදා බැලූ පස්වන අවස්ථාව මෙයයි.

හැම්යොන්ග් ආශ්‍රිත ජපන් මුහුද කෙන්ද්‍රකර ගනිමින් සිදුකර ඇති මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇත.

දකුණු කොරියානු – ඇමරිකානු එකාබද්ධ යුධ අභ්‍යාස සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිමි ජොන් උන් ඇමරිකානු ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇති පසුබිමක මෙම මිසයිල අත්හදා බැලිම සිදු කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.