(ෆාස්ට් නිවුස් | කොළඹ ) – මෑතකදී පැනවූ සීමා හේතුවෙන් කාශ්මීර් ප්‍රදේශයේ මානව හිමිකම්වලට බරපතළ බලපෑම් එල්ල විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියානු මධ්‍යම රජය විසින් එම ප්‍රදේශයේ සන්නිවේදන සබඳතා අවහිර කිරීම හේතුවෙන් වෙනත් ප්‍රදේශවල වෙසෙන කාශ්මීර් වැසියන් පවසනුයේ කාශ්මීර්හි වෙසෙන සිය පවුල්වල සාමාජිකයන් සමග සබඳතා පැවැත්වීමට නොහැකි වී ඇති බවයි.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ අවධානය කාශ්මීරයේ සන්නිවේදන සබඳතා තහනම් කිරීම, දේශපාලන නායකයන් නිවාස අඩස්සියේ තබා ගැනීම සහ දේශපාලන රැස්වීම් තහනම් කිරීම ආදී කරුණු පිලිබඳව යොමු වී ඇත.
“විරෝධතා මැඬපැවැත්වීම සඳහා බලධාරීන් සන්නිවේදන ජාලයන් අවහිර කර ඇති ආකාරය, දේශපාලන විරුද්ධවාදීන්ට දඬුවම් කිරීම සඳහා අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ අධික ලෙස හමුදා බළඇණි සේවයේ යොදවා තිබීම සහ විරෝධතාවලට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව දැඩි අවධානයක්” ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශකයා කාශ්මීරයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.









