FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති පූටින් බලයට පැමිණ අදට වසර විස්සක්..

 

(ෆාස්ට් නිවුස් | කොළඹ ) – රුසියානු ජනපති වැලිදිමීර් පුටින් එරට නායකත්වයට පැමිණ අදට වසර 20 ක් සපිරේ.

1999 වසරේ අගෝස්තු 09 වන දා හිටපු ජනාධිපති බෝරිස් යෙල්සින් විසින් එවකට රුසියානු ඔත්තු සේවාවේ ප්‍රධානියා වූ පුටින් එරට වැඩබලන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.

එතැන් සිට රුසියානු ජනාධිපතිවරයා ලෙසත් නැවත අග්‍රාමාත්‍යවරයා ලෙසත් ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් පසු යළි ජනාධිපති ධුරයට පත්වූ ඔහු 2000 වසරේ 84% ක මහජන ප්‍රසාදයක් හිමි කරගත් අතර එම ජනප්‍රියත්වය ඉන් පසු කිසිදා 60% ට වඩා අඩු නොවූ බව රුසියානු මාධ්‍ය ප්‍රකාශ කර සිටී.

පුටින්ගේ පාලනය යටතේ ක්‍රයිමියාව ඈදා ගැනීම සහ යුක්රේනය සමඟ සම්බන්ධතා පළුදු වීම ආදී හේතුන් මත එරට සහ බටහිර ලෝකය අතර මේ වන විට දුරස්ථ බවක් වර්ධනය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.