FAST NEWS

24×7 Around the Globe

චීනයේ ලෙකිමා සුළි සුළඟ හේතුවෙන් එරට කාලගුණ කාර්යාංශයෙන් රතු නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  චීනයේ ෂෙජියෑං ප්‍රාන්තයේ හමා තිබෙන ලෙකිමා සුපිරි සුළි සුළඟ හමුවේ එරට කාලගුණ කාර්යාංශය රතු නිවේදනයක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

2014 වසරෙන් පසු චීනයට හමන ප්‍රබලතම චණ්ඩ මාරුතය වන ලෙකිමා සුළි සුළඟ හෙට (10) අලූයම් කාලයේ ගොඩබිම් ප්‍රදේශයට ඇතුළු විය හැකි බව චීනයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළේය.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසා සිටියේ ඒ හේතුවෙන් යැංසි ගංඟා ධාරයට දැඩි සුළං සහ වැසි ඇති වන බවයි.

මෙම සුළි සුළඟ හේතුවෙන් තායිවානය දැනටමත් ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර, වෙළඳසැල් සහ පාසල් ද වසා දැමීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.