(ෆාස්ට් නිව්ස් | කොළඹ ) – වසර 04කට පසු ජපානයේ ටෝකියෝ අගනුවර ආසන්නයේ පිහිටි ‘මවුන්ට් අසාමා’ගිනි කන්ද සක්‍රිය වී තිබේ.
මෙම ගිනි කන්ද 2015 වසරේ ජුනි මාසයේ දී අවසන් වරට සක්‍රිය වු අතර එහිදී කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදු නොවීය.
ඊයේ (07) රාත්‍රියේ සිට සක්‍රිය වී ඇති එම ගිනි කන්ද ටෝකියෝ අගනුවරට වයඹ දෙසින් කිලෝමීටර් 140ක් දුරින් වූ ප්‍රදේශයේ පිහිටා ඇත.
ගිනි කන්දෙන් නිකුත් වූ දුම් සහ අලු ඉහළ අහසේ කිලෝමීටර් 02ක් පමණ දුරකට පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වුවද ගිනි කන්ද ආසන්න ප්‍රදේශයේ පදිංචිකරුවන්ට අවධානයෙන් පසුවන ලෙස ජපාන බලධාරීන් අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ.









