(ෆාස්ට් නිව්ස් | කොළඹ ) – ඉන්දීය රජය ලඩක් ප්‍රදේශය වෙනම ප්‍රාන්තයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ඉන්දීය රජය ගත් මෙම තීරණය නිසා සියයට 70 ක ප්‍රමාණයක් බෞද්ධයන් වෙසෙන මෙම ප්‍රාන්තය බෞද්ධ බහුතර ජනතාවක් වෙසෙන ප්‍රථම ඉන්දීය ප්‍රාන්තය ලෙස හැඳින්වේ.
මුහුදු මට්‌ටමේ සිට අඩි 9800 ක් උසින් පිහිටා ඇති ලඩක් ප්‍රාන්තය මෙතෙක් පැවතියේ ජම්මු කාශ්මීරයට අයත්වය.
ඩක් නව ප්‍රාන්තයක් කිරීමේ පනතක් මේ වසරේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් වී තිබුණි.
ලඩක් නව ප්‍රාන්තයක් බවට පත්කිරීම ගැන චීනය සිය විරෝධය දක්‌වා ඇති බව ඉන්දීය ජෙට්‌වේ හවුස් සංවිධානයේ සමීර් පටිල් ද පවසා ඇති අතර එයට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ලඩක් නව ප්‍රාන්තයක් කිරීමට ඉන්දීය රජය ක්‍රියා කළ බව ඉන්දීය වාර්තා පවසයි.









