(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශගත පුහුණු ශ්‍රමික ප්‍රතිශතය 32 % ක් දක්වා වර්ධනය වී ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කරයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළා.
එමෙන්ම, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හරහා පසුගිය වසරේදී පමණක් අමරිකානු ඩොලර් මිලියන 7000 කට වැඩි ආදායමකින් මෙරට ආර්ථීකය ශක්තිමත් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
නීත්‍යානුකූලව විදෙස්ගතව සිටින ශ්‍රමිකයන් සදහා තවදුරටත් සහන ලබාදීමට රජය කටයුතු කරන බව ද මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.







