(ෆාස්ට් නිව්ස් | කොළඹ ) – අමෙරිකාවේ සිදුවන ගිනි අවි ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එහි සංචාරය කරන්නන් දැඩි අවදානයෙන් කටයුතු කළ යුතු බවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනය අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගිනි අවි සංසරණය වැළැක්වීමට මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ද අමෙරිකාවට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව වගකීමක් ඇති බව එම නිවේදනයේ දැක්වේ.
සංස්කෘතික ස්ථාන, ආගමික ස්ථාන, පාසල්, වෙළෙඳ සැල් මෙන්ම අවන්හල්වල ගැවසෙන්නේ නම් දැඩි අවධානයෙන් සහ විමසිලිමත්ව කටයුතු කරන්නැයි එහි වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
වෙනත් රටවල්වල සංචාරය කරන්නන් සඳහා අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් මෙවන් අවවාදාත්මක නිවේදන නිකුත් කරන බැවින් තමන් අමෙරිකාව සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කළ බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.









