(ෆාස්ට් නිව්ස් | කොළඹ ) – අද (08) දිනයේ ජම්මුකාෂ්මීර් ගැටළුව සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජාතිය ඇමතීමට නියමිතව ඇත .
එහිදි අග්‍රාමත්‍යවරයා අදාල ගැටළුව සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ස්ථාවරය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
කාශ්මිරයට ලබාදී තිබූ වරප්‍රසාද සහ බලතල අහෝසි කිරිමට පසුගියදා ඉන්දීය රජය විසින් පියවර ගනු ලැබීය.
ඒ අනුව පාකිස්ථාන රජය ද ඉන්දියාව සමග සියලු රාජ්‍යතාන්ත්‍රික සහ වෙළඳ සබදතා අත්හිටුවිමට ඊයේ (07) දිනයේ කටයුතු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.









