FAST NEWS

24×7 Around the Globe

king ඛාන් ගේ දියණිය සුහනා රංගනයට

 

(ෆාස්ට් නිව්ස් ‌| කොළඹ ) – බොලිවුඩයේ සුපිරි තරුව ශාරුක් ඛාන් ගේ වැඩිමහල් පුතු පහුගිය දිනක රඟපෑමට සම්බන්ධ වීම යන ආරංචියත් සමඟ බොහෝ අයගේ අවධානය ඛාන් පවුල වෙත යොමු විය.

ඒ පුවතත් සමඟ ඔහුගේ දියණිය වන සුහානා ද ‘The Grey Part Of Blue‘කෙටි චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතරට පැමිණීමට සුදානමින් සිටින බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

ලන්ඩන් විශ්ව විද්‍යාලයකින් තම උපාධිය අවසන් කල අවුරුදු 19 ක් වන මෙම සුරූපී තරුණිය ඇයගේ පාසල් වේදිකාවේත් කිහිප වතාවක්ම රංගනයෙන් දායක වී තිබුන ද ප්‍රධාන ධාරාවේ නිර්මාණයකට ඇය සම්බන්ධවෙන පළමු අවස්ථාව මෙය බව ද සඳහන් වේ.