(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාව සමඟ සියලු රාජතාන්ත්‍රික සබඳතා අත්හැරීමට පාකිස්ථානය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඒ, ඉන්දීය මධ්‍යම රජය විසින් පසුගියදා ජම්මු – කාශ්මීරය වෙත ලබාදී තිබූ විශේෂ වරප්‍රසාද ඉවත් කිරීමට ගත් තීරණය හේතුවෙන්.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සඳහන් කළේ පාකිස්ථානයේ සිටින ඉන්දීය තානාපතිවරයා රටින් පිටුවහල් කිරීමටත්, ඉන්දියාවේ සිටින සිය තානාපතිවරයා යළි කැඳවීමටත් තීරණය කර ඇති බවයි.
කාශ්මීරයේ ඉන්දිය පාලන ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට බෙදුම්වාදී ත්‍රස්තවාදයක් පවතී. කාශ්මීර ත්‍රස්තවාදයට පකිස්ථානය ආධාර කරන බවට ඉන්දියාව චෝදනා කල ද පකිස්ථානය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.









