(ෆාස්ට් නිව්ස්|කොළඹ) – දකුණු අප්‍රිකානු මිකී ආතර් සහ රසල් ඩොමින්ගෝ, හෝ ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරගැනීමට නිර්දේශ වී ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
මොවුන් තිදෙනා අතරින් ඩොමින්ගෝ සහ මූඩි සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇතැයිද වාර්තා වේ.
ඩොමින්ගෝ මීට පෙර දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුර මෙන්ම, මූඩි 2007 වසරේ පැවැති එක්දින ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) මෙම නම් ත්‍රිත්වයම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත නිර්දේශ කර ඇති බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.









