(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි, භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක වූ සුෂ්මා ස්වරාජ් ඊයේ (06) හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.
1952 පෙබරවාරි මස 14 වනදා උපත ලද ඇය, මියයනවිට 67 වන වියේ පසුවූවිණි.
හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ඊයේ රාත්‍රී 9.00 ට පමණ දිල්ලියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බවයි NDTV පුවත් සේවය වාර්තා කළේ.
මෙවර ඉන්දීය මහ මැතිවරණයටද සුෂ්මා ස්වරාජ් මහත්මිය ඉදිරිපත් නොවූයේ ඇයගේ සෞඛ්‍ය තත්වය සැළකිල්ලට ගෙනයි.
ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණයේ හිටපු නීතීඥවරියකද වන සුෂ්මා ස්වරාජ් මහත්මිය 1970 දශකයේ දේශපාලනයට පිවිසුනු අතර හර්යානා ප්‍රාන්තයේ ලාබාලතම අමාත්‍යවරිය බවට ඇය පත්වූයේ 1977 වසරේදීය.
අයගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කොංග්‍රස් පක්ෂ මන්ත්‍රී රාහුල් ගාන්ධි ඇතුලු පාර්ශව රැසක් කණගාටුව පළකර තිබේ.









