(ෆාස්ට්නිව්ස් |කොළඹ) – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා දරන මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය අහිමි වීමේ අවධානමක් පවතින බව වාර්තාවේ.
ඔහු ඉවත් කිරීමට එජාප නායකත්වයට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
මහා සංඝ රත්නය ඉලක්ක කරගෙන සිදු කළ ප්‍රකාශ හේතුවෙන් රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට විවිධ පාර්ශව චෝදනා එල්ල කළේය.
විශේෂයෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද කතෝලික භක්තිකයෙකු වූ රංජන් රාමණායක අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය කණගාටුව පල කළේය.
රංජන් රාමනායක අමාත්‍යවරයා සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයෙන්ද, දේශපාලන නියෝජිතයින්ගෙන් සහ පාර්ශ්ව ගණනාවකින් පැමිණිලි විශාල ප්‍රමාණයක් පක්ෂ නායකත්වය වෙත ලැබී තිබේ.
ඒ අනුව ඉදිරියේදී ඔහු රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට නිර්දේශය ගැනීම සඳහා ජනාධිපතිවරයා වෙත යැවීමේ සුදානමක් පවතින බව වාර්තාවේ.









