FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගත් තීරණයෙන් සංචාරක කර්මාන්තයට නව රුකුලක්

 

(ෆාස්ට් නිව්ස්‌ | කොළඹ) – මෙම මස පළමුවන වන දින සිට ඔස්ට්‍රේලියා, යුරෝපය ඇතුළු රටවල් 48 ක පුරවැසියන්ට මාස 06 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ වීසා බලපත්‍ර ලබාදීම දේශීය සංචාරක කර්මාන්තය දිරිමත් කිරීමක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරයි.

ඉන්දියානු සාගර කලාපයේ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා වන සාමූහික ප්‍රයත්නයක කොටසක් ලෙස මෙය ක්‍රියාවට නංවනු ලබයි.

මෙම පහසුකම අත්විඳින සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයේ නවීන ගුවන් යානා සමඟ ගමන් කිරීමේ අවස්ථාව ද උදාවනු ඇත.

එහි ව්‍යාපාරික පන්තියේ සුවපහසු නිදන ආසන සහ ලෝකයේ උසස්ම සේවාව ඇතුළු නවීන තාක්ෂණයෙන් යුත් විනෝදාස්වාදය ලබා ගැනීමේ පහසුකම හිමිවනු ඇත.

ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්ථමානයේ රටවල් 48 ගමනාන්ත 111 ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි.