(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 වසරේදී ඩොලර් බිලියනයක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තැබූ සිවුවැනි ඩිස්නි චිත්‍රපටය බවට අතිශය ජනප්‍රියට පත් ‘ද ලයන් කිං’ චිත්‍රපටය පත්ව තිබේ.
1994 කාටූන් චිත්‍රපටයේ ඩිස්නි ප්‍රතිනිර්මාණය වන ‘ද ලයන් කිං’ මෙම ආදායම් සීමාව පසුකර ඇත්තේ එය සිනමා ශාලාවල තිරගත වී සති තුනකටත් අඩු කාලයක් තුළදීය.
මෙම වාර්තාව තැබූ අනෙකුත් ඩිස්නි චිත්‍රපට ත්‍රිත්වය ලෙසට ඇවෙන්ජර්ස්: එන්ඩ් ගේම්, කැප්ටන් මාර්වල් සහ ඇලඩින් යන චිත්‍රපට පෙළයි.
ලන්ඩනයේ පැවැති “ලයන් කිං” සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා හැරී- මේගන් යුවල ද සහභාගි වී තිබූ අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ චක්නට ලැබුණි.









