FAST NEWS

24×7 Around the Globe

හොංකොං පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් උග්‍ර අතට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තෙවන දිනයටත් හොංකොං පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (05) දිනය පුරාවටම විරෝධතාකරුවන් වැඩවර්ජනයක් සංවිධාන කිරීම හේතුවෙන් නගරයේ කටයුතු බොහෝ දුරට අඩාල වී ඇති අතර , මාර්ග අවහිර කිරීම හේතුවෙන් ගමනාගමනය වගේම දුම්රිය ගමන්වලටද විරෝධතාකරුවන් බාධා පමුණුවා තිබිණ.

උදාවී ඇති තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 200 ක් පමණ අවලංගු කර තිබේ.

සාමය ආරක්‍ෂා කරන්නැයි හොංකොං නායක ක්ලැරී ලෑම් මහතා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කරන අතර , තමාට ඉල්ලා අස්වන ලෙසට කෙරෙන බලපෑම් ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.