FAST NEWS

24×7 Around the Globe

ටෙක්සාස් හි වෙළඳ සංකීර්ණයක් තුළ සිදුකළ වෙඩි තැබීමකින් 26 ක් මරුට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ)  –  ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල්-පාසෝ නගරයේ වෙළඳ සංකීර්ණයක් තුළදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් විසිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෙඩි තැබීමෙන් තවත් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් තහවුරු කළේ.

21 හැවිරිදි සුදු ජාතික තරුණයෙකු සිදුකළ මෙම වෙඩි තැබීම ප්‍රාන්ත ඉතිහාසයේ දරුණුතම සිද්ධියක් බවත් ඔහු සදහන් කළේය.

ඇමරිකාව සහ මෙක්සිකෝව අතර දේශසීමාවට ආසන්නයෙන් පිහිටි නගරයක මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

සැකකරු මෙම වෙඩි තැබීම සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර , මේ වන විට ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.