FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවේ සුනාමි අවදානම ඉවත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දුනීසියාවේ බටහිර වෙරළ තීරයේ ඊයේ (02) සිදුවූ රික්ටර් පරිමාණයේ 6.9 ක භූ කම්පනයෙන් පසු පනවා තිබූ සුනාමි අවදානම මේ වන විට ඉවත් කරගෙන තිබේ

ජාකර්තා අගනුවරට නිරිත දෙසින් සිදුවූ මෙම භූ කම්පනය හේතුවෙන් වෙරළාසන්න ප්‍රදේශවල වාසය කරන ජනතාවට උස් ස්ථාන කරා වහා ගමන් කරන ලෙසටත් ඒ අවට සිටි පුද්ගලයන් ඉවත් කර ගැනීමටත් පියවර ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත් මෙමගින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි කාළගුණ අංශ සඳහන් කළේය.