(ෆාස්ට් නිව්ස්|කොළඹ) – නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග සඳහා වන සංචිතයට ලසිත් ඇඹුල්දෙණිය ඇතුළත් වන බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.
ඇඹුල්දෙණිය ඉතාමත් හොඳින් දකුණු අප‍්‍රිකානු නැගී එන කණ්ඩායම සමග පැවැති තරගාවලියේදී දක්ෂතා දැක්වූ බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකයා සඳහන් කරයි.
“අපිට වමත් පන්දු යවන්නෙක් ඕන. ලසිත් ඇඹුල්දෙණිය කණ්ඩායමට එක් වෙනවා. අපිට හොඳ වමත් දඟ පන්දු යවන්නෙකුත් ඕන. ඩිල්රුවන් ආබාධයකට ලක්වෙලා තියෙන්නෙ. ඒ නිසා අකිල ධනංජයටත් අවස්ථාවක් තියෙනවා. අපේ රටේ ක‍්‍රීඩා කරන නිසා අපිට විශ්වාසයක් තියෙනවා. නවසීලන්තයේ දඟ පන්දු යවන්නන් තිදෙනෙක් හිටියා කියලා අපිට බය වෙන්න දෙයක් නැහැ” යැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක දිමුත් කරුණාරත්න වැඩි දුරටත් පවසයි.









