FAST NEWS

24×7 Around the Globe

උක් ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම්කිරීමට කැබිනට් අනුමැතිය

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස උක් බෝගය නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙරට වත්මන් සීනි පරිභෝජනය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 670000 ක් වන අතර 2020 වන විට දේශීය සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 700000 ක් බවට වැඩිවෙනු ඇතැයිද අපේක්ෂා කරයි.

වත්මන් සීනි අවශ්‍යතාවෙන් 91% ක් සපුරා ගන්නේ ආනයනය මගින් වන අතර ඒ සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 350 ක් පමණ විදේශ විනිමයක් වැයවෙයි.

ඉදිරියේදී මොනරාගල, මඩකලපුව, කිලිනොච්චිය, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, අම්පාර, බදුල්ල හා පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර 104000 ක උක් වගා කිරීමටද රජය සැලසුම්කර තිබේ.