(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වර්තමානයේ ලංකාවේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ ඉහළින්ම වැජඹෙන චන්දිමාල් ජයසිංහගේ උපන් දිනය නිමිත්තෙන් පැවැත්වෙන සුපිරි සාදය අද (31) පස්වරුවේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව වාර්තා වෙයි.
අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙන මෙම සාදය සදහා ආරාධිතයන් 400 ක් පමණ සහභාගී වීමට නියමිත බවයි සදහන් වන්නේ.
එමෙන්ම මෙම සුපිරි සාදය සදහා කලා ලොවේ බොහෝ පිරිසක් ඉතා උනන්දුවෙන් සිටින බවත් වාර්තා වේ.
පසුගිය වසරේදී ද චන්දිමාල් සිය උපන්දින සාදය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්සවාකාරයෙන් පැවැත්විය.
චන්දිමාල් ජයසිංහ මෙවර උපන්දින සාදයට පෙර රජ ඇදුමින් සැරසී තරුණ තරුණියන් කිහිපදෙනෙක් ද එක්ව ඡායාරූප සමූහයක් සදහා පෙනී සිට තිබේ.















