(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉස්ලාමීය සංස්කෘතියේ ඇතුළත් ක්ෂණික දික්කසාද ක්‍රමය තහනම් කෙරෙන පණතක් ඉන්දීය පාර්ලිමේන්තුව විසින් ඊයේ (30) සම්මත කරගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනුව, තලාක් යනුවෙන් අවස්ථා තුනකදී ප්‍රකාශ කිරීමෙන් ස්වාමි පුරුෂයාට බිරිඳගෙන් දික්කසාද වීමට පැවති ඉඩකඩ අවහිර වනු ඇති අතර , 2017 වසරේදීද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කලේ මෙම සම්ප්රදාය ව්‍යවස්ථා විරෝධී බවයි.
මෙම නීතිය කඩ කරන්නෙකුට වසර තුනක සිර දඬුවමක් නියම කිරීමට ද හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
මුස්ලිම් කාන්තාවන් ආරක්ෂා කරගැනීමේ අපේක්ෂාවෙන් මෙම නීතිය ගෙන ආ බවයි ඉන්දීය රජය අවධාරණය කර ඇත්තේ.









