FAST NEWS

24×7 Around the Globe

මව්කිරි ලබාදීම අතින් ලෝකයෙන්ම ප්‍රථම ස්ථානය ලංකාවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මව්කිරි ලබා දීමෙන් ලොව ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සදහන් කරයි.

එය 2016 දත්තවලට අනුව 94.4 % ක් බවත් ඇය පවසයි.

අගෝස්තු මස 01 වනදා සිට 07 වැනිදා දක්වා මව්කිරි දීමේ සතිය වෙනුවෙන් කොළඹ අද පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඇය මේ බව සදහන් කළාය.

පුද්ගලික අංශයේ සේවය කරන මව්වරුන් දිරිමත් කිරීමට මෙවර වැඩි අවධානය යොමුකර ඇති බවත් , එහිදී පුද්ගලික අංශයේ ආයතනවල මව්කිරි දීමට ඇති පහසුකම් පිළිබඳව සොයා බැලීමක් සිදුකරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය එහිදී අදහස් දක්වමින් සදහන්කර සිටියාය.

මව්කිරිදීම පහසු කිරීම සදහා මව්වරුන්ට නීතිමයෙන්ම අවකාශ සලසා ඇතැයි මෙම අවස්ථාවට එක්වූ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් රුපිකා රණවක මහත්මිය පෙන්වා දුන්නාය.

විශේෂඥ වෛද්‍ය නෙත්මිණි තේනුවර මහත්මිය පැවසුවේ මව්කිරිදීම තුළින් සේවා යෝජකයන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.