(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ස්ටර්ලින් පවුමේ අගය මාස 28 කින් පහළම අගයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
බෝරිස් ජොන්සන්ගේ නව රජය බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ ක්‍රියාවලිය පිළිබඳ දැඩි ස්ථාවරයක් පළ කිරීමත් සමඟ මේ තතත්වය හටගෙන තිබේ.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ගිවිසුමකින් තොරව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ ප්‍රවණතාව ඉහළ යාම නිසා පවුම තවදුරටත් පහත වැටිය හැකි බවයි.
2017 ජනවාරියේදී පවුම මීට පෙර මේ ආකාරයෙන් පහත වැටුණු අතර, එහි වාර්තාගත පහත වැටීම සටහන් වන්නේ 1985 වසරේ මාර්තු මාසයේදියි.







