තිලාන් සමරවීරට නවසීලන්තයෙන් තනතුරක්

තිලාන් සමරවීරට නවසීලන්තයෙන් තනතුරක්

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරග සංචාරය සඳහා පිතිකරණ සහාය පුහුණුකරුවෙක් ලෙස තිලාන් සමරවීර එක් කර ගන්නා බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

ඒ අනුව ලෝක ටෙස්ට් ශුරතාවය යටතේ අගොස්තු 14-18 / 22- 26 පැවැත්වෙන තරග දෙකකින් යුත් මෙම තරගාවලියේදි ,හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවෙක් මෙන්ම පිතිකරණ පුහුණූකරුවෙක් වු තිලාන් සමරවීර නවසීලන්ත කණ්ඩායම සමග කටයුතු කිරිමට‍ එකඟතාවයකට පැමීණ ඇති බව පැවසේ.

මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවට පැමීණෙන නවසීලන්ත කණ්ඩායම සමග තිලාන් සමරවීර එක්විමට නියමීත බවද කියැවේ.

CATEGORIES