(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කජු ආනයනය අත්හිටුවීමට ශ්‍රී ලංකා කජු සංස්ථාව තීරණය කළ බව එහි සභාපති ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පැවසීය.
කජු ආනයනය සඳහා බලපත්‍ර ලබාදීම අත්හිටුවන බවත් ඒ මහතා සදහන් කළේය.
මෙවර ලැබූ කජු අස්වැන්න ඉහළ යාමට ඊට හේතුවූ බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.







