FAST NEWS

24×7 Around the Globe

ඉන්දිය ජාතික ආරක්ෂාව කිසිදු බලවේගයකට යටකළ නොහැක – නරේන්ද්‍ර මෝදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ ජාතික ආරක්ෂාව කිසිදු බලවේගයකට යටකළ නොහැකි බවත් එම තීරණ කිසිදු පීඩනයකින් වෙනස් කළ නොහැකි බවත් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

කාගිල් යුද්ධයේ 20 වන අනුස්මරණය නිමිත්තෙන් නවදිල්ලියේ පැවති  සැමරුම් උත්සවයට සහභාගිවෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඉන්දීය ආරක්ෂක හමුදා නවීකරණය කිරීමට රජයේ ප්‍රමුඛතාව හිමිවන අතර යුද ගුවන් සහ නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුම් සහතික කිරීමට කාලය එළඹ ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඉන්දීය ආරක්ෂක හමුදා විසි වසරකට පෙර කාෂ්මීර දේශසීමාවේ කාගිල් ප්‍රදේශයේ පාකිස්ථාන හමුදා අභිබවා ලද ජයග්‍රහණය මෙලෙස ඊයේ (27) සමරනු ලැබු බවයි.