FAST NEWS

24×7 Around the Globe

පිලිපීනයේ දිවයින් කේන්ද්‍ර කොටගෙන භූ කම්පන දෙකක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උතුරුදිග පිලිපීනයේ දිවයින් කේන්ද්‍ර කොටගෙන අද (27) අලූයම භූ කම්පන දෙකක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එම භූ කම්පන රික්ටර් පරිමාණයේ 5.4ක සහ 5.9ක ප්‍රබලතාවයන්ගෙන් යුක්ත බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

පළමු භූ කම්පනය බටේනස් දිවයින් හි  ජනතාව නින්දේ පසුවන අවස්ථාවක සිදුව ඇති අතර, ඉන් පැය 4කට පමණ පසුව දෙවන භූ කම්පනය වාර්තා විය.

භූ කම්පනයෙන් නිවාස රැසකට හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරේ.

පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.