FAST NEWS

24×7 Around the Globe

වසර 16 කට පසු ඇමරිකාවේ යළිත් මරණ දඩුවම

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඒ අනුව මරණ දඬුවම නියම වූ පුද්ගලයින්ට වහාම මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

අමෙරිකා නීතිපති විලියම් බාර් මහතා එරට බන්ධනාගාර කාර්යාංශයට දන්වා ඇත්තේ රැඳවියන් 5 දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවයි.

මෙලෙස මරණයට පත්කිරීමට සුදානම්ව ඇත්තේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වරදකරුවන් වූ පිරිසක් වන අතර , මෙය ලබන දෙසැම්බර් සහ ජනවාරි අතර කාලය තුළ ක්‍රියාවට නැංවීම සිදු කරන බවයි විදෙස් වාර්තාවල සදහන් වන්නේ.

2003 දී අමෙරිකාවේ මරණ දඩුවම අවසාන වරට ක්‍රියාවට නංවා තිබුන අතර එරට ප්‍රාන්ත අතුරින් මරණ දඩුවම සක්‍රීයව පවතින්නේ 29 ක් පමණයි.

මේ වනවිට එරට තුළ මරණ දඩුවම නියම වී සිටින රැඳවියන් සංඛ්‍යාව 2673 ක් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර සිටියේය.