FAST NEWS

24×7 Around the Globe

මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ඇතිවූ දුර්ලභ ටොනෙඩෝවකින් දේපළ රැසකට හානි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ හටගත් දුර්ලභ ගනයේ ටොනෙඩෝවකින් දේපළ රැසකට දැඩි ලෙස හානි සිදුව ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

පැයට සැතපුම් එකසිය දහයක පමණ වේගයකින් හමාගිය ටොනෙඩෝවෙන් ප්‍රාන්තයේ ස්ථාන කිහිපයකටම දැඩි බලපෑම් එල්ලවී තිබුණි.

අයහපත් කාලගුණය හේතුවෙන් මුහුදු ප්‍රදේශයද රළු වීම නිසා බෝට්ටු හතක් අනතුරට පත්ව ඇති බව සඳහන්.

ටොනෙඩෝව හේතුවෙන් ගස් කඩා වැටීම නිසා මාර්ග රැසක් අවහිර වී තිබුණි.

එමෙන්ම පුද්ගලයන් දහස් ගණනක් පීඩාවට පත්කරමින් විදුලි සහ සන්නවේදන පහසුකම්ද ඇණහිට ඇති අතර , පුද්ගල හානියක් වාර්තාවී නොමැති බව ද වාර්තා වෙයි.