(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වසන්ත සමයේ යුරෝපය තුළ ඉහලම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ ප්‍රංශයෙන්.
ප්‍රංශයේ බෝඩෝ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.02 ක් ලෙසත් විදෙස් වාර්තා පවසයි.
මෙවැනි ඉහල උෂ්ණත්වයක් ප්‍රංශයෙන් 2003 වසරේ වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 40.07 ක් ලෙස සටහන් වී ඇති බවයි එම වාර්තාවල සදහන් වන්නේ.
මෙම තත්ත්වය ජර්මනිය, බෙල්ජියම සහ නෙදර්ලන්තය වෙතද පැතිර යා හැකි බව ලෝක කාලගුණය පිළිබඳ අධ්‍යයනය කරන සංවිධාන පෙන්වා දෙයි.
කාලගුණ විපර්යාස මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් ඔවුන් කියා සිටී.









