FAST NEWS

24×7 Around the Globe

Colombo Port City කොළඹ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යටතට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ වරාය නගරය සඳහා ගොඩකරන ලද භූමි ප්‍රදේශය කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ඇතුලත් කිරීම සඳහාවන යෝජනාවට ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවිය.

අක්කර 1105 ක මෙම භූමි ප්‍රදේශය එක්වීමත් සමග කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශය සහ සීමාවන්ද වෙනස් විය යුතු බව අදාල යෝජනාවේ සඳහන්.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මනත්‍රීවරුන් විවිධ අදහස් දක්වමින් විවාදයට එක්විය.