FAST NEWS

24×7 Around the Globe

අග්නිදිග ආසියාවේ නව මැලේරියා විශේෂයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඖෂධවලට ප්‍රතිරෝධය දක්වන නව මැලේරියා පරපෝෂිත ප්‍රභේදයක් අග්නිදිග ආසියාකරය පුරා සීග්‍රයෙන් පැතිරෙන බවත් , මේ වන විට කාම්බෝජයේ සිට ලා ඕසය, තායිලන්තය සහ වියට්නාමය දක්වා පැතිරී ඇති අතර, එම රෝගීන්ගෙන් අඩක් පමණ ඖෂධවලට ප්‍රතිචාර නොදක්වන බවත් විදෙස් වාර්තා පවසයි.

මේ පිළිබද අධ්‍යයනයක් සිදුකළ බ්‍රිතාන්‍ය සහ තායිලන්ත පර්යේෂකයන් කියා සිටින්නේ මෙම මැලේරියා විශේෂය අප්‍රිකානු මහද්වීපයට ද පැතිරීමේ අවදානමක් පවතින බවයි.

වසරකදී ලොව පුරා මැලේරියා රෝගීන් මිලියන 219 ක් පමණ වාර්තා වේ.

එමෙන්ම , වසරකට මෙම රෝගයෙන් මිය යන සංඛ්‍යාව හාරලක්ෂ 35,000 කට අධික බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.