FAST NEWS

24×7 Around the Globe

සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට ඇමරිකාවෙන් නව නීති

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඇමරිකාවේ සිටින සංක්‍රමණිකයන් වහාම පිටමං කිරීමට අදාළ නව නීති සම්පාදනය කිරීමට ඇමරිකානු ජනපතිවරයාගේ පරිපාලනය සූදානම් වන බව වාර්තා වෙයි.

අධිකරණය මඟ හැර නීතිවිරෝධී සංක්‍රමණිකයන් වහා පිටුවහල් කළ හැකි නව නීතියක් හඳුන්වා දීමට ට්‍රම්ප් පරිපාලනය සූදානම් වන බවත් , එය අද දින ප්‍රකාශයට පත් කෙරෙන අතර, ඉන් පසු ඇමරිකා එක්සත් ජනපදය පුරා වහා ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් විදෙස් වාර්තා පවසයි.

නව නීතිය යටතේ ඇමරිකා එක්සත් ජනපදය තුළ වසර දෙකකට වැඩි කාලයක් සිටි බවට ඔප්පු කිරීමේ ලිඛිත සාක්ෂි නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කළ හැක.

කෙසේ වෙතත් නව සංක්‍රමණික ප්‍රතිපත්තිය අධිකරණයේදී අභියෝගයට ලක් කරන බව ඇමරිකානු සිවිල් නිදහස පිළිබද සංගමය සදහන් කර සිටී.