FAST NEWS

24×7 Around the Globe

පාස්කු කාරක සභාව ජනපති හා කාදිනල්තුමාගෙන් ප්‍රකාශ ගැනීමට යයි !!!

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාගෙන්ද කරුණු විමසීමට බලාපොරොත්තු වන බව එම කාරක සභා ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව කමිටු සාමාජිකයන් අගරදගුරුතුමන් හා ජනාධිපතිවරයා හමුවට ගොස් මෙසේ කරුණු විමසීමට අදහස් කරගෙන සිටින බවද පැවසේ.

දෙදෙනා කමිටුව හමුවට කැඳවීම සුදුසු නොවන බවට අවබෝධ කරගෙන සිටින හෙයින් එසේ කටයුතු කරන බවද කියැවේ.

විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීම්වලදී ජනාධිපතිවරයා හා අගරදගුරුතුමා පිළිබඳව විවිධ අදහස් පළ කෙරුණු බවත්, මේ තත්ත්වය යටතේ එම දෙදෙනාගෙන් කරුණු විමසීම ද වැදගත් බවත් කමිටුව අදහස් කර සිටින බව එම ආරංචි මාර්ග කියයි.

තමා කිසිවිටෙකත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට නොයන බවට ජනාධිපතිවරයා ඉකුත්දා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් පවසාද තිබේ.