FAST NEWS

24×7 Around the Globe

ජපානයේ චිත්‍රාගාරයක ඇතිවූ ගින්නෙන් 33 ක් ජීවිතක්ෂයට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඊයේ (18) ජපානයේ කියෝටෝ නුවර සුප්‍රකට සජීවිකරණ චිත්‍රාගාරයකට ඇතුළු වූ පුද්ගලයෙකු ඊට ගිනි තැබීම නිසා පුද්ගලයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

චිත්‍රාගාරයට ගිනි තැබූ 41 හැවිරිදි පුද්ගලයා පිළිස්සුම් තුවාල සහිතවම අත්අඩංගුවට ගැනීමට එරට බළධාරීන්ට හැකියාව ලැබී ඇත.

ගින්න නිවාදැමීම තරමක් අපහසු වූ බවත් ඒ සදහා ගිනි නිවන සේවකයන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවත් වාර්තා වෙයි.

චිත්‍රාගාරය වෙත බලෙන් ඇතුලු වූ අදාළ සැකකරු එහි ස්ථාන කිහිපයක හදුනානොගත් දියරයක් ඉස ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙලිවී තිබේ.

ඉන් අනතුරුව එම ගින්න හටගෙන ඇත.

මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානයෙන් වාර්තා වන විශාලතම මිනිස් ඝාතනයක් ලෙසත් සැලකෙයි.